අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට සැප ගන්න අගමැති ගෙනා කැබිනට් පත්‍රිකාව ජනපති විසිකරයි!මේවා කරන්න කලින් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න ඕනෑ…ජනපති අගමැතිගේ මූණටම කියයි..

0

වාහනයක්, සීමා රහිත ඉන්ධන දීමනාවක්, කාර්යාලයක්, මාසික දීමනාවක්, හත් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා දුරකථන 02ක්ද ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සුඛෝපභෝගී පැකේජය ඊයේ (07දා) කැබිනට් හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉවත දමා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් හමුවට ඉදිරිපත් කළ බව ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු ‘මව්බිම’ට පැවැසීය. භාණ්ඩාගාර ලේකම්, අගමැති ලේකම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක නිර්දේශයද අදාළ කැබිනට් පත්‍රිකාවේ සටහන්ව තිබී ඇත.

මෙහිදී ශ්‍රී ලනිප ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ඊට දැඩිව විරෝධය දක්වා තිබේ.

ජනතාවගේ ප්‍රශ්නවලට මුල් තැනක් දීම සඳහා ක්‍රියා කළයුතු මෙවැනි කාලයක මන්ත්‍රිවරුන්ගේ සුඛවිහරණය සඳහා මෙවැනි යෝජනා කැබිනට් හමුව සඳහා ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

අනතුරුව පැවැති විරෝධය හමුවේ අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මේ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ඊයේ කැබිනට් හමුවේදී ඉවත දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඇමැතිවරුන්ට විරුද්ධව ගෙන එන මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු සඳහා ඉදිරිපත් වන නීතිඥයන්ට අදාළ මුදල් ආණ්ඩුවෙන් ගෙවීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී තිබිණි.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here