අගරදගුරුහිමි හම්බෙන්න ගිහින් ඩිලාන් දුමින්දට පස්පඩංගුවේ බැන වදී…

තමා පැවසු පරිදි එම කාලයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉවත් කළේ නම් අද වන විට අග්‍රාමාත්‍ය ධුරයේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුරවලින් ඉවත් වු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

අගමැතිවරයා ඉවත් කළ යුතු ලෙසම නිසැකයෙන්ම දුමින්ද දිසානායක මහතා ද ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහතා මහ ලේකම් ධූරයේ සිටින තෙක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.මේ අවස්ථාවට ඩිලාන් පෙරේරා,චන්දිම වීරක්කොඩි,තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here