අගමැති සිහිනයට මද්දුමබංඩාර දුන් අපූරු උත්තරය!

0

පසුගිය සතිය පුරාම මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා තම කාලය ගතකලේ විශ්වාස භංග යෝජනාව පරාද කිරීම සඳහා වන බලමුලු ගැන්වීම සඳහායි.මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර මතධාරීන් මෙන්ම පක්ෂයේ මුස්ලිම් මැතිඇමතිවරුන් හා දුරකථන සංවාද මෙන්ම ඛණ්ඩායම් රැස්වීම්ද නිරන්තර පවත්වන්නට විණි.“ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ අගමැතිතුමා ඉලක්ක කරගෙන කිව්වට ඇත්තටම මේක අපේ ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගයක්.අපි මේ වෙලාවේ මේක පරාද නොකලොත් අපිට ආණ්ඩුව නැතිවෙන්නත් පුළුවන්.මේ නිසා මොන ප්‍රශ්න තිබුනත් අගමැතිතුමාව ආරක්ෂා කරන්න ඕන” විටෙක දුරකථනය මගින් පවසනු දක්නට ලැබුණි.

සර් , සර්ගෙ නම අගමැතිධුරයට යෝජනා වෙලා තියෙනවා.මේ වෙලාවේ ඒ වගකීමට සුදුස්සා සර් තමයි.මේ අභියෝගය භාර ගන්න ලෑස්තිද? යැයි පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකු කල විමසීමකදී මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කලේ “ මල්ලි මම කවදාවත් තනතුරු වලට ආත්මය පාව දුන්න කෙනෙක් නෙමේ.මේ වෙලාවෙත් මම ඉන්නේ පක්ෂෙ රැකිය යුතුයි කියන තැන.ඒ වෙනුවෙන් නායකයව ආරක්ෂා කල යුතුයි .ඒ යුතුකම මම මොන කැපවීම කරල හරි කරනවා ” යැයි කීය.

විශ්වාස භංගයට පසුදින විශේෂ උපන් දින සාදයකට සහභාගී වීමට තිබිනි.ඒ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ 99 වැනි උපන් දින සැමරුමයි.මෙම වැදගත් අවස්තාවට ජනාධිපතිතුමන්ද සහභාගී වීමට නියමිත වූ අතර ඒ පෙරවරු 8.30 ටයි.නමුත් කුරුණෑගල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල සාදයකට යායුතු වූ හෙයින් ජනාධිපතිතුමන් පෙරවරු 7.45 පමන වන විට ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ නිවසට පැමිනි අතර ඒ වන විට චිත්‍රපට සංස්ථා සභපතිතුමන් , ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඇතුලු පිරිසක් නිවසේ රැස්ව සිටියහ.වෙලාවටත් කලින් පැමිනි ජනාධිපතිතුමා ආලින්දයට ගොඩ වෙන ගමන් ඇසුවේ කෝ ඇමතිතුමා නැද්ද යනුවෙනි.එසේ අසමිනි විසිත්ත කාමරයට ගිය ජනාධිපතිතුමන් සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුලු පවුලේ අය විසින් උනුසුම් අන්දමින් පිළිගන්නා ලදි.මේ අතර ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාව ජනාධිපතිතුමන් අසලට කැදවගෙන ආ අතර ජනාධිපතිතුමන් බොහෝ හැඟුම්බරව මහා සිනමාවේදියාට සිය සුභාශිංසන පිරිනැමීය.ජනාධිපතිතුමන්ගේ දෑත් උනුසුම් ලෙස ලෙස්ටර් මහතා සිප ගනිද්දි ජනාධිපතිතුමන්ගේ දෑස් කඳුලින් තෙත්වෙනු දැකගත හැකිවිණි.මද්දුමබණ්ඩාර මහතාගේ පමාවීම නිසා උපන්දින කේක් ගෙඩිය කැපූ ලෙස්ටර් , සුමිත්‍රා දෙපල පළමුව කේක් කවා ගත් අතර අනතුරුව ජනාධිපතිතුමන්ටද කේක් දෙන ලදි.

මේ සියල්ල සිදුවන අතර එතැනට පැමිනි මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගෙන් ජනාධිපතිතුමා විමසා සිටියේ “ මොකෝ රංජිත් පරක්කු වුනේ කියායි ” “ නෑ සර් ඊයෙ රෑ වෙනකන් ඉන්න වුනා ,ඒකයි මම පරක්කු වුනේ”.මේ කතා බහ අතරදීම තේ පැන් සංග්‍රහය භුක්තිවිඳි ජනාධිපතිතුමන් හා අමාත්‍යතුමන් සිනමාවේ අනාගතය වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කලහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here