අගමැති සහ සුමන්තිරන් මෛත්‍රීට දුන්නු ලණුව

0

අගමැති රනිල් සහ මන්ත්‍රි සුමන්තිරන් පසුගිය සතියේ දිනක ජනපති මෛත්‍රිව මුණ ගැසී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බව ‘කැබිනට්’ එකට වාර්තා විය. එහිදී අගමැතිවරයා හා සුමන්තිරන් මන්ත්‍රිවරයා විශේෂ අවධානය යොමු කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කටයුතු ගැනය.

ඔබතුමා බය වෙන්න එපා ඊළඟ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්. කොහොම හරි අපි ඔබතුමාව ජනාධිපති කරනවා යැයි අගමැතිවරයා සහ සුමන්තිරන් මන්ත්‍රිවරයා අවධාරණය කර තිබේ.

මේ කියන්නේ කුමක්දැයි ක්‍ෂණයකින් අවබෝධ කර ගැනීමට ජනාධිපතිවරයාට වැඩි වේලාවක් ගත වූයේ නැත. එහෙත් මෛත්‍රි මීට සාවධානව සවන්දීගෙන සිටීමද විශේෂත්වයකි.

දැනට මේ තියෙන විධායක බලතල වැඩිකරලා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ අවශ්‍ය බලය පාර්ලිමේන්තුව හරහා දෙන්න අපි වගබලා ගන්නවා’ යැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා සහ අගමැතිවරයා පවසා ඇතැයි වාර්තා වේ. අගමැතිවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලණුවක් දී ඇති බව එජාප මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුද සිය ළඟම හිතවතුන්ට පවසා ඇති බව වාර්තා වේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here