අගමැති වෙනුවට ජෝන් , ජයවික්‍රම ඇමතිකම්වලින් දොට්ට

0

කොළඹ බුලස් පාරේ පිහිටි මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.රාත්‍රි  8.30 ට පවත්වා ඇති මෙම සාකච්ඡාව සඳහා එජාප නායක රනිල් වික්‍ර‍මසිංහ, අමාත්‍ය  මලික් සමරවික්‍ර‍ම,පක්ෂයේ මහ ලේකම්  කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර, පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, රංජිත් අලුවිහාරේ, අශෝක අබේසිංහ යන මහත්වරුන් පැමිණ සිටියහ.එහිදී තීරණය වී ඇත්තේ පක්ෂ ප්‍ර‍තිසංස්කරන ලෙස ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා සහ ජෝන් අමරතුංග මහත්වරුන් අමාත්‍යධුරවලින් ඉවත් කිරීමටය.අනතුරුව එම අමාත්‍යධූර තරුණයින්ට ලබා දෙන බව රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා පවසා ඇත. එහි දී වසන්න සේනානායක මහතා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව වාර්තාවේ.ඔහු පවසා ඇත්තේ රටේ මිනිසුන්නට අවශ්‍යව ඇත්තේ පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කළ ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා සහ ජෝන් අමරතුංග ඉවත් කිරීම නොව පක්ෂ නායකත්වයේ වෙනසක් බවය.ඊට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තාවේ.අනතුරුව එම හමුව විසදුමකින් තොරව අවසන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here