අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීම සඳහා කටයුතු කරන ශ්‍රිලනිප මැතිඇමති කණ්ඩායම අද හෝ හෙට දිනයේ රැස්වීමට නියමිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියාසිටියේය.
එය ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාවේ තීරණයක් නොවන බවත් අමාත්‍යවරුන් එක්වී ගනු ලබන තීන්දුවක් බවත් ඇමතිවරයා කීවේය.මේ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද පවසා තිබේ.