අගමැති කිවුව දේට මහින්ද බඩ අල්ලං හිනා උන හේතුව!

0

අද උදෑසන අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සමීප මාධ්‍යකරුවන් දෙදෙනෙකු සමඟ සිරිකොත ගියේ එහි සූදානම්ව තිබූ කැවුම් කිරිබත් පාටියකටය. එය අවසන් කළ ඔහු පාර්ලිමේන්තු ගියේ එදිනට නියමිතව තිබූ අලුත් මහාධිකරණ පිහිටවීමේ පණතට අදාළ විවාදයට එක්වීමටය. ඔහු මුලින්ම ගියේ සිය කාර්‍යාලයටය. එහි සිටි මැති ඇමතිවරුද අගමැති පිලිගත්තේ උණුසුම් ලෙසය.

“මේ ජයග්‍රහණයෙන් එජාපයට ලොකු ගැම්මක් ලැබුණා. මේ ගැම්ම දිගටම පවත්වාගෙන යන්න ඕනෑ. මීට වඩා ශක්තිමත් ජනමාධ්‍ය මෙහෙයුමක් අපට අවශ්‍යයි” එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කීය.

” ඒකාබද්ධය පලාත් පාලන ඡන්දයෙන් ගත්ත ගැම්ම එයාලම විශ්වාසභංගය හරහා වළලා දැම්මා කියලයි ජනතාව දැන් කියන්නේ” නවීන් දිසානායක කීය.

“පක්ෂ ප්‍රතිසංවිධානයත් කඩිනම් කළ යුතුයි. ඒ වගේම ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න ගැනත් මූලිකත්වය දෙන්න ඕනෑ” අගමැති කීය.

“විශ්වාසභංහය බාරදී දින 14ක් තුල එය ඡන්දයට ගැනීමෙන් ඔබතුමා තුල තිබූ ශක්තිය රටට පෙන්නුවා. ඒකාබද්ධය හැදුවේ මේක කල්දාල ඇඟ බේරගන්නයි” දයා ගමගේ කීය.

“විශ්වාසභංගය එක්ක ශ්‍රීලනිපය ඉවරෙට ඉවරයි. පොහොට්ටුව පරවුණා. එජාපය පිබිදුණා. මේක අගමැතිතුමාට හා එජාපයට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා” නවීන් දිසානායක කීය.

“හොඳයි, හොඳයි, භේද පසෙකලා පක්ෂය කා ආණ්ඩුව වෙනුවෙන් සියලුදෙනාම මෙතනදි කැපවීම අපි ලැබූ ලොකුම ජයයි” අගමැති කීය.

“සියලු ජාතීන්, සියලු ආගම්, සියලු කුල ගෝත්‍රවල අය මේ විශ්වාසභංගයේදී ඔබතුමා එක්කයි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ හරය යලිත් සනාථ වුණා. වසර 03කට පසු ඡන්ද 122 ක් ලැබීම විශාල ජයක්” නවීන් දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාස කීවේ එකම කතාවකි.

“කෙහෙලියට ගම්මන්පිලට පාර්ලිමේන්තු ලොබියේදී මේ විශ්වාසභංගය ගෙනාවට මම ස්තූති කළා. මහින්දත් හමුවුණා. මේ කළ සේවයට ගම්මන්පිලට වීරවංශට ඇමතිකම් දීල කලගුණ සලකන්න මම සූදානම් කියල කිව්වම මහින්ද බඩ අල්ලං හිනා වුණා” අගමැති කීවේ කාගේත් සිනා මැදය.

“පරාද වුණාම ඒකාබද්ධය කියන්නෙ අපි සල්ලි දීල දිනුවලු. උතුරට රහස් පොරොන්දු දුන්නලු. ”දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.

“ ඒකාබද්ධයේ හා ශ්‍රීලනිප සමහරු නම් මහින්දටත් හොරෙන් සල්ලි ඩීල් දාල කියල කතා යනවා. අපි දිනුවේ ප්‍රතිපත්තිමය පදනමකින් මේ අයට දැන් කියන්නෙ“ගෝවා පාර්ශවය” කියලයි ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

“ එජාපය බිහි කරපු විශ්වාසභංග බබා අපි නලවන්න ගියා කියල බැසිල් බැනලාලු.ඒකාබද්ධ අය අතර ගුටි බැට හුවමාරුවෙන තත්වයක් ඇතිවෙන්න ගියාලු” රන්ජන් රාමනායක කීවේ ඔහුට ලැබුණු තොරතුරක් මත පදනම්වය.

“ දෙමළ සංධානයට අපි කිසිම පොරොන්දුවක් දුන්නේ නෑ. 2015 ජනපතිවරණ එකගතා ඉටු කරන්නැයි ඔවුන් ඉල්ලීම සාධාරණයි.ඊට අමතරව හිරවූ ඉඩම් ගැන බලන්න කියනවා.උතුරේ සංවර්ධනය මීට වඩා වේගවත් කරන්න ඉල්ලනවා. චෝදනා නැතුව රදාවාගෙන ඉන්න දෙමළ අයට චෝදනා දාලා නඩු අහල වැරදිකරුවන් නම් දඩුවම් හෝ නැත්නම් නිදහස් කරන ලෙසත් ඉල්ලනවා.දෙමළ අයට රැකියාත් ඕනලු. ඒවා සාධාරණ ඉල්ලීම් ” අගමැති කීදේ සියලු දෙනා අනුමත කලහ.

“ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් අය ඉවත් කරන්නැයි එජාපයේ 33 ක් අත්සන් කල ලිපියේ පිටපතක් මටත් ලැබුණා. ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා , එස්.බී.,සුසිල්, චන්දිම ඉල්ලා අස්වෙනවලු. ඒ අයට මේ ලණුව දුන්නේ ශ්‍රිලනිපයේ ඉහලින්ම කියලත් ඔවුන් දැන් කියනවලු.දයාසිරි අස්වෙන්න බෑ කියල අඩනවලු.විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් සියලු දෙනා ආණ්ඩුවෙන් යා යුතුයි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැති ඇතුලු සියළු දෙනා අනුමත කළහ. “ නියෝජ්‍ය කතානායකත් පක්ෂග්‍රාහී නිසා එයාටත් ඉඩ දිය යුතු නෑ. ”කිරිඇල්ල වැඩි දුරටත් කීය.

“ විශ්වාසභංගයට අත්සන් කල මුතුහෙට්ටිගම දැන් අහනවලු මම අත්සන් කලාද කියල. එයා හා අත්සන් කල මුස්ලිම් මන්ත්‍රී ඡන්දෙන් වැලකුනේ සුසිල්ලාට කොකා පෙන්නලායි. ” පී හැරිසන් කීවේ සිනා මැදය.

“ ඉදිරි වසර 02 තුල ජනතාවට සහන, තරුණ පිරිසට රැකියා හා රටට වේගවත් සංවර්ධනයක් ගේන සැලසුමක් අපි දියත් කරමු. ” සජිත් ප්‍රේමදාස කල යෝජනාවට අගමැති ඇතුලු සියලු දෙනා එකගත්වය පල කලහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here