අගමැති එලවන්න එජාප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඇමති කාර්යාලයක රහසේම හමුවු හැටි

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනෙන විශ්වාසභංග යෝජනවාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව මාධ්‍යම පලාත නියෝජනය කරන එජාප ජේශ්ඨ මන්ත්‍රීවරයෙකු වාසල විත්ති වෙත කියා සිටියේය.

ඔවුන් පිරිස මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ අමාත්‍ය කාර්යාලයක රැස්වී ඒ ගැන තීරණය කර ඒකාබද්ද විපක්ෂයේ නායකයෙකුට දැන්වු බවද හෙතෙම කීවේය.

අගමැතිවරා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුවහොත් විශ්වාසභංගයට සහාය දීමේ තීරණය වෙනස් කරගන්නා බවද එම මන්ත්‍රීවරයා සදහන් කලේය.

මෙම මන්ත්‍රීවරුන් පිරිස අතර එජාපයේ ජේශ්ඨ අමාත්‍යවරුන් 6 දෙනෙකු සිටින බවද වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here