අගමැති උපන්දිනය සැමරූ හැටි

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන්  ආශීර්වාද පළ කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ගේ  ආශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ උදෑසන තේ පැන් සංග්‍රහයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි විණි.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන්,අග්‍රාමාත්‍යතුමාගේ හිතමිතුරන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්  පැමිණ සිටියහ.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද පළ කිරීමේ වැඩසටහන් රැසක් ඊයේ දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන සංවිධානය කර තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here