අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා බාරගනී

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා වෙත බාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ.එම යෝජනාව කතානායකවරයාට බාරදෙන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.ඒ සදහා මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති අතර ඉන් සිව් දෙනෙකු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ය.ආණ්ඩු පාර්ශවයෙන් අත්සන්කල මන්ත්‍රීවරුන් අතර ට්.බී ඒකනායක,සුසන්ත පුංචිනිලමේ,නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here