අකිලගේ මාමණ්ඩියගේ දේහයට මැති ඇමති අවසන් බුහුමන්..

0

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මාමන්ඩිය වන අභාවප්‍රාප්ත වයඹ පළාත් හිටපු අමාත්‍ය බි.එම්.විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සහභාගී වුහ.

මීට අමතරව  එක්සත් ජාතික පක්ෂයේ සහ වෙනත් පක්ෂවල මැති ඇමැතිවරු රැසක් ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වුහ.

අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසුවූ විජේනායක මහතා ඉබ්බාගමුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසත් හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කලේය.

විජේනායක මහතාගේ දේහය  කුරුණෑගල නොයෙල් සෙනෙවිරත්න මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here